
නීතිඥ සාගරිකා සහ වෛද්‍ය සෙල්ලතම්බි පාර්ලිමේන්තුවේ සභාපති නාමාවලියට නම් කරයි
නීතිඥ සාගරිකා අතාවුද සහ වෛද්‍ය සෙල්ලතම්බි තිලකනාදන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් දසවැනි පාර්ලිමේන්තුවේ පළවැනි සභාවාරයේ සේවය කිරීම සඳහා සභාපති නාමාවලියට ඇතුළත් කළ බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.
මෙම පත් කිරීම සිදුකර ඇත්තේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 143 අනුවයි.
පාර්ලිමේන්තු ලේකම් කාර්යාලය නිවේදනය කළේ දසවැනි පාර්ලිමේන්තුවේ පළවැනි සභාවාරයේ සේවය කිරීම සඳහා නම් කරන ලද සභාපති නාමාවලියේ මන්ත්‍රීවරියන් අතරින් ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මෙනෙවිය සහ අරවින්ද සෙනරත් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනා නියෝජ්‍ය අමාත්‍ය ධූරයන්ට පත්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩු සඳහා අදාල පත්වීම් සිදුකළ බවයි.
මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කවින්දිරන් කෝඩිස්වරන් , කිංස් නෙල්සන්, එම්.කේ.එම්.අස්ලම්, උපුල් කිත්සිරි, නීතිඥ තුෂාරි ජයසිංහ, සුජීව දිසානායක යන මහත්ම මහත්මීන් ද සභාපති නාමාවලියට ඇතුළත්ව සිටිනවා.
