විදෙස් කටයුතු අමාත්‍ය විජිත හේරත්, එක්සත් ජාතීන්ගේ සංචාරක ව්‍යාපාරයේ නව මහලේකම්වරිය හමුවෙයි

විදෙස් කටයුතු අමාත්‍ය විජිත හේරත්, එක්සත් ජාතීන්ගේ සංචාරක ව්‍යාපාරයේ නව මහලේකම්වරිය හමුවෙයි

2026 සිට බලපැවැත්වෙන පරිදි එක්සත් ජාතීන්ගේ සංචාරක ව්‍යාපාරයේ නව මහලේකම්වරිය ලෙස ෂයිකා අල් නොවයිස් මහත්මිය පත්ව සිටිනවා.

රියාද්හි දී පැවති 26 වන UNWTO මහා සභා රැස්වීම පැවැත්වු අතර එහිදී එක්සත් ජාතීන්ගේ සංචාරක ව්‍යාපාරයේ නව මහලේකම්වරිය ලෙස පත්වූ ෂයිකා අල් නොවයිස් මහත්මිය හමුවූ විදෙස් කටයුතු පිලිබඳ අමාත්‍ය විජිත හේරත් මහතා නව මහලේකම්වරියට සුබ පැතුම් පිරිනමා තිබෙනවා.

හමුවීමෙන් පසු සටහනක් තබමින් විදෙස් කටයුතු පිලිබඳ අමාත්‍ය විජිත හේරත් සඳහන් කරන්නේ, “සංවිධානයේ වසර 50ක ඉතිහාසයේ මෙම තනතුර දැරූ පළමු කාන්තාව ද ඇයයි. 2026 සිට බලපැවැත්වෙන පරිදි එක්සත් ජාතීන්ගේ සංචාරක ව්‍යාපාරයේ නව මහලේකම්වරිය ලෙස පත්වීම පිළිබඳව ෂයිකා අල් නොවයිස් මහත්මියට අවංක සුබ පැතුම් පිරිනමන” බවයි.

Share This