වැලිමඩ කැප්පෙටිපොල මද්‍රසා පාසලක 12 හැවිරිදි දරුවෙක් අභිරහස් ලෙස මියයයි

වැලිමඩ කැප්පෙටිපොල මද්‍රසා පාසලක 12 හැවිරිදි දරුවෙක් අභිරහස් ලෙස මියයයි

මේ දරුවාගේ මරණය සැක සහිතයි කියා දෙමාපියන් පවසනවා.

වැලිමඩ කැප්පෙටිපොල ප්‍රදේශයේ පිහිටි මද්‍රසා පාසලක ඉගෙනුම ලබමින් සිටි 12 හැවිරිදි දරුවෙක් හදිසියේ මියගිය පුවතක් වාර්තා වෙනවා.

රාත්‍රී කාලයේ දෙමාපියන් සමග හොදින් කතාබහ කළ දරුවා ඊට පැය කිහිපයකට පසු මියගොස් ඇති බව තමන් දැනගත් බවයි දෙමාපියන් පවස්න්නේ.

එල්ලී මැරුණු බව පැවසුවද ඒ සියළු කරුණු පරස්පර විරෝධී මෙන්ම මරණ පරීක්ශණ වාර්තාව තමන්ට නිසි ලෙස ඉදිරිපත් නොකිරීම බරපතල ගැටලුවක් බව ඔවුන් පවසනවා.

මද්‍රසා පාසල තුළ පවතින නීති ඔවුන්ට ආවේණික නිසා අප ඒවාට ගරුකළ යුතුයි.

එහෙත් මව එක එල්ලේම පවසන්නේ, මව්ලවි කළාද යන්න පිලිබඳ සැක සහිත බවයි.

මේ මරණය, ගැටලු සහගත බව පවසමින් ඔහුගේ මව්පියන් ඊයේ බණ්ඩාරවෙල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා හමුවේ පැමිණිල්ලක් ගොනුකර ඇති අතර, ඒ සම්බන්ධයෙන් මේ වනවිට වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

කෙසේ වෙතත් මේ මියයෑම අභිරහසක් බව පවුලේ සාමාජිකයින්ගේ අදහස් වලින් පෙනී යනවා. ඒ සියලු තොරතුරු රූප රාමුද සමඟින් පහත සබැඳියෙන් ඔබට දැනගත හැකියි.

Share This