කුඩු සළිඳුගේ මත්ද්‍රව්‍ය ජාලයේ කාන්තාවක් “අයිස්” එක්ක අත්අඩංගුවට

කුඩු සළිඳුගේ මත්ද්‍රව්‍ය ජාලයේ කාන්තාවක් “අයිස්” එක්ක අත්අඩංගුවට

මෙරටින් හොර රහසේ පලා ගිය සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සළිඳු මල් සිත ගුණරත්න නොහොත් පානදුරේ කුඩු සළිඳු නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ කාන්තාවක් අරුක්ගොඩ, රුක්ගහ පාරේ නිවසකදී රුපියල් ලක්‍ෂ 10 කට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ සැකකාරිය සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50 ක් පැකට් කිරීමට ගන්නා කුඩා ඉටි බෑග් , විද්‍යුත් තරාදියක් හා ජාවාරමට යොදාගත් ස්මාට් ජංගම දුරකථනයක් මෙන්ම ජාවාරමෙන් උපයා ගත් බව කියන රුපියල් 36,500 ක මුදලක් ද භාරයට ගත් බවයි.

අරුක්ගොඩ, රුක්ගහ පාර නිවසකට කුලී පදනම මත දෙමසකට ඉහතදී පැමිණි කාන්තාවක් මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරන බවට “රටම එකට ජාතික මෙහෙයුමට” සමගාමීව හිරන පොලිසිට ලද තොරතුරකට අනුව බුද්ධි නිලධාරීන් ආවේශණ රාජකාරී සඳහා යොදවා සිදු කළ විමර්ශනවලදී ඒ බව තහවුරු කර ගැනීමෙන් අනතුරුව නිවස වටලා සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ සැකකාරිගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී පානදුරේ කුඩු සලිදු නැමැත්තාගේ මත්ද්‍රව‍ය ජාලයේ ප්‍රධානතම ගෝලයෙකු වන ඩුබායි රාජ්‍යයේ සිටින රණයා නැමැත්තා විසින් විවිධ පුද්ගලයන් හරහා ලබාගෙන මෙලෙස පැකට්කර අලෙවි කරන බව අනාවරණය වූ බවයි.

27 හැවිරිදි සැකකාරිය පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Share This