ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර ආරක්ෂක සහයෝගය ඉහළ නෙංවීමට අවබෝධතා ගිවිසුමක්

ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර ආරක්ෂක සහයෝගය ඉහළ නෙංවීමට අවබෝධතා ගිවිසුමක්

ඇමරිකා එකසත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර අන්තර් ආරක්ෂක සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා ගත් වැදගත් පියවරක් වශයෙන් ඊයේ ආරක්ෂක අමාත්‍යාංශයේ දී අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුවා.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා මෙම සමාරම්භක අවස්ථාවට එක්වුණා.

ඇමරිකාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනී ජුලී චං මහත්මිය එක්වූ මෙම අවබෝධතා ගිවිසුමට ඇමරිකාව වෙනුවෙන් මොන්ටානා ජාතික ආරක්ෂක බලකායේ විධායක ජෙනරාල් බ්‍රිගේඩියර් ජෙනරල් ට්‍රෙන්ටන් ගිබ්සන් මහතා අත්සන් තැබුවා.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබුවේ ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතායි.

අවබෝධතා ගිවිසුම මගින් ඇමරිකාවේ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රාජ්‍ය හවුල්කාරීතව වැඩසටහන යටතේ මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය එකසත් ජනපද වෙරළාර්ක්ෂක බලකා‍යේ 13 වැනි දිස්ත්‍රික් ඛණ්ඩය සහ ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා අතර සහයෝගීතාව ශක්තිමත් කෙරෙනු ඇති.

 

 

Share This