
කිරින්ද, ඇඳගලවැල්ල මුහුදු ප්‍රදේශයේ දී මත්ද්‍රව්‍ය සමග අත් අඩංගුවට ගත් සැකකරුවන්ගේ දේපළ ගැන විමර්ශනයක්
කිරින්ද, ඇඳගලවැල්ල මුහුදු ප්‍රදේශයේ තිබී හමුවූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 330කට ආසන්න ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයින් 7 ගේ වත්කම් සහ දේපළ සම්බන්ධයෙන් මේ වනවිට පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා
එහිදී පොලීසිය සොයාගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 449කට ආසන්නයි.
ඒ අනුව ඉන් එක් සැකකරුවෙකුගේ බොරැල්ල ප්‍රදේශයේ පිහිටි මහල් 3 කින් සමන්විත නිවසක් සහ මහල් 4 කින් සමන්විත ඉදිකරමින් පවතින නිවසක් පරීක්ෂා කිරීමට විමර්ශන නිලධාරීන් ඊයේ කටයුතු කළා.
එහිදී එම සැකකරුගේ බිරිඳගේ බැංකු ගිණුමක තිබී රුපියල් කෝටියක මුදලක් ද විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන ඇති අතර, සැකකරුගේ බැංකු ගිණුම්ද ඉදිරියේදී පරීක්ෂා කිරීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ.

