
දිළිඳුකම පිටුදකින ආණ්ඩුවේ “ප්‍රජා ශක්ති” ට සජිත් විරුද්ධවෙයි
ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් යුත් බිම් මට්ටමේ ව්‍යුහයන් හරහා පාලනය පුළුල් කිරීමේ දේශපාලන මෙවලමක් ලෙස රජය විසින් අලුතින් හඳුන්වා දුන් ”ප්‍රජා ශක්ති” වැඩසටහන භාවිතා කරන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරනවා.
ඊයේ පාර්ලිමේන්තු සංකිර්ණයෙදි පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා.
දිළිඳු බව තුරන් කිරීමේ රජයේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට සක්‍රිය ප්‍රජා සහභාගිත්වයක් සහිත පුරවැසි කේන්ද්‍රීය සංවර්ධන ව්‍යූහයක් ස්ථාපනය කිරීමේ වෙනුවෙන් “ප්‍රජා ශක්ති” වැඩසටහන පසුගියදා රජය මගින් ආරම්භ කළා.
ඒ අනුව 2030 වන විට ලෝකයේ සියලු ස්ථානවල වෙසෙන සියලු පුද්ගලයන්ගේ අන්ත දරිද්‍රතාව තුරන් කිරීම, ජාතික මට්ටමේ අර්ථ නිරූපණවලට අනුකූල වන පරිදි සියලු ආකාරයේ දරිද්‍රතාවන්ගෙන් පෙළෙන අනුපාතය අවම වශයෙන් අඩකින් අඩුකිරීම මේ වැඩසටහන්වල අරමුණයි.
ජනාධිපති ලේකම්වරයා විසින් ඉකුත් අගෝස්තු 22 දා නිකුත් කළ අතර එමඟින් සෑම ගමකටම ප්‍රජා සංවර්ධන සභාවක්, ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා හෝ ඔහුගේ නියෝජිතයකු ප්‍රජා සංවර්ධන සභාවේ සභාපති, සංවර්ධන නිලධාරි, ප්‍රජා සවිබලගැන්වීමේ නිලධාරි ලෙසට විශේෂ භූමිකාවක්, 2026 සංවර්ධන යෝජනා 2025 දීම හඳුනාගෙන අවසන් කිරීමට විශේෂ වැඩපිළිවෙළක්, තිරසර සංවර්ධන ඉලක්ක මත පදනම් වූ සංවර්ධන රාමුවක් යටතේ ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව චක්‍රලේඛ උපදෙස් මඟින් පෙන්වා දී තිබෙනවා.
