ටින් මාළු සඳහා උපරිම සිල්ලර මිලක්

ටින් මාළු සඳහා උපරිම සිල්ලර මිලක්

ටින් මාළු සඳහා පැවති උපරිම සිල්ලර මිල ගණන් සංශෝධනය කරමින් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා විසින් අද (15) සිට ක්‍රියාත්මකවන පරිදි මෙම නව ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ 2024 වසරේ දෙසැම්බර් මස 27 වනදා නිකුත් කළ ගැසට් නිවේදනය සංශෝධනය කරමින්.

ඒ අනුව ටූනා, ශුද්ධ බර ග්‍රෑම් 155 ක ටින් මාළු උපරිම සිල්ලර මිල රුපියල් 165ක් විය යුතු අතර, ශුද්ධ බර ග්‍රෑම් 425 ක ටින් මාළු උපරිම සිල්ලර මිල රුපියල් 380 ක් විය යුතු බව එහි දැක් වෙනවා.

එම අධිකාරිය පවසන්නේ ශුද්ධ බර ග්‍රෑම් 155 ක මැකරල් ටින් මාළු මිල රුපියල් 210 ක් සහ ශුද්ධ බර ග්‍රෑම් 425 ක මැකරල් ටින් මාළු මිල රුපියල් 480 ක් විය යුතු බවයි.

ජැක් මැකරල් ශුද්ධ බර ග්‍රෑම් 155 ක ටින් මාළු මිල රුපියල් 240 ක් විය යුතු අතර, ග්‍රෑම් 425 ක ජැක් මැකරල් ටින් මාළු උපරිම සිල්ලර මිල රුපියල් 560 ක් විය යුතු බවද සඳහන්.

මෙම උපරිම සිල්ලර මිල ගණන්වලට වඩා වැඩි මිලට ටින් මාළු වෙළදාම් කිරීම, වෙළදාම සඳහා ඉදිරිපත් කිරීම හා ප්‍රදර්ශනය කිරීම නොකළ යුතු බවත් මෙම ගැසට් නිවේදනයෙන් අවධාරණය කර තිබෙනවා.

Share This