මෙක්සිකෝවේ මත්ද්‍රව්‍ය ජාලයේ ඝාතනවලට එරෙහි දැවැන්ත උද්ඝෝෂණ සමග ගැටුම්

මෙක්සිකෝවේ මත්ද්‍රව්‍ය ජාලයේ ඝාතනවලට එරෙහි දැවැන්ත උද්ඝෝෂණ සමග ගැටුම්

මෙක්සිකෝ නගරයේ පැවති රාජ්‍ය විරෝධී විරෝධතා අතරතුර ඇති වූ ගැටුම්වලින් අවම වශයෙන් පුද්ගලයින් 120 දෙනෙකු – ඔවුන්ගෙන් 100 දෙනෙකු පොලිස් නිලධාරීන් – තුවාල ලබා ඇති බව පොලිසිය පවසනවා.

ප්‍රචණ්ඩ අපරාධ සහ ජනාධිපති ක්ලෝඩියා ෂයින්බෝම්ගේ රජයට එරෙහිව ඊයේ (15) මෙක්සිකානු අගනුවරට රැස්වූ විරෝධතා දැක්වූ දහස් ගණනක් විරෝධතාකරුවන් පෙළපාළි වලින් පැමිණ විරෝධතාවයේ නිරත වුණා.

අනෙකුත් නගරවල ද පැවති මෙම පාගමන් සඳහා ෂයින්බෝම් චෝදනා කරන්නේ, ඇගේ රජයට විරුද්ධ දක්ෂිණාංශික දේශපාලනඥයින් විසින් අරමුදල් සපයන ලද බවයි.

කාටෙල්වරුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටි උරුපන් නගරාධිපති කාලෝස් මැන්සෝගේ ඝාතනය ඇතුළු ඉහළ පෙළේ ඝාතනවලට එරෙහිව විරෝධතා දක්වන පුරවැසියන්ගේ සහාය ලබා ගනිමින් ජෙන් ඉසෙඩ් තරුණ කණ්ඩායම් (Gen Z youth groups) විසින් මෙම රැලිය සංවිධානය කර තිබෙනවා.

විරෝධතාකරුවන් ෂයින්බෝම් ජීවත් වන ජාතික මාළිගාව ආරක්ෂා කරන බාධකයක කොටස් කඩා බිඳ දැමූ අතර පරිශ්‍රය ආරක්ෂා කරන පොලිසිය විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළා.

මෙක්සිකෝ නගර ආරක්ෂක ප්‍රධානී පැබ්ලෝ වැස්කේස් වාර්තාකරුවන්ට පවසාඇත්තේ මංකොල්ලකෑම් සහ පහරදීම් ඇතුළු අපරාධ සම්බන්ධයෙන් බලධාරීන් පුද්ගලයින් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

විරෝධතාකරුවන් “අපි හැමෝම කාලෝස් මැන්සෝ” ඇතුළු පණිවිඩ ප්‍රදර්ශනය කරන බැනර් ලෙළවූ අතර අනෙක් අය ඔහුට උපහාරයක් වශයෙන් කව්බෝයි තොප්පි පැළඳ සිටියා.

මැන්සෝ නොවැම්බර් 1 වන දින මළවුන්ගේ දින උත්සවයකට සහභාගී වෙමින් සිටියදී වෙඩි තබා ඝාතනයට ලක් වුණා.

ඔහු තම නගරයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලි සහ කාටෙල් ප්‍රචණ්ඩත්වය ගැන විවෘතව කතා කිරීම සඳහා ප්‍රසිද්ධව සිටියා.

ඔහු ඉල්ලා සිටියේ රට භීතියට පත් කරන සන්නද්ධ කාටෙල් සාමාජිකයින්ට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙසයි.

ෂයින්බෝම්, කාටෙල්වලට එරෙහිව ක්‍රියා කරන නමුත් මත්ද්‍රව්‍යවලට එරෙහිව තවත් සම්පූර්ණ යුද්ධයක් සඳහා වන ඉල්ලීම් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඇගේ පූර්වගාමීන් විසින් මත්ද්‍රව්‍ය මැඩලීමට පෙර ගත් උත්සාහයන් උත්සාහයන් ලේ වැකි ප්‍රතිඵල සමඟ අවසන් වුණා.

පාගමන සිදුවීමට දින කිහිපයකට පෙර, ජනාධිපතිනිය පැවසුවේ පෙළපාළිය අන්තර්ජාලය හරහා බොට්ස් විසින් ප්‍රවර්ධනය කරන බවයි.

Share This