
බංග්ලාදේශ අන්තර්පාලන රජය ෂෙයික් හසීනා ඉන්දියාවෙන් ඉල්ලයි
නෙරපා හරින ලද බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනාට මානව වර්ගයාට එරෙහි අපරාධ සම්බන්ධයෙන් වැරදිකරු බව ඔප්පු කිරීමෙන් පසු එරට ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාව (ICT-BD) විසින් මරණ දඬුවම නියම කර තිබෙනවා.
බංග්ලාදේශයේ ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාව (ICT-BD) රටේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා සහ හිටපු අභ්‍යන්තර කටයුතු අමාත්‍ය අසාදුස්සමාන් ඛාන් කමල්ට මරණ දඬුවම නියම කිරීමෙන් පසු, ප්‍රධාන උපදේශක මුහම්මද් යූනුස්ගේ නායකත්වයෙන් යුත් රටේ අන්තර්කාලීන රජය, නවදිල්ලිය සහ ඩකා අතර පිටුවහල් කිරීමේ ගිවිසුමේ කොටසක් ලෙස නෙරපා හරින ලද නායකයින් භාර දෙන ලෙස ඉන්දීය රජයෙන් ඉල්ලා සිටි බව රොයිටර් පුවත් සේවය වාර්තා කළා.
මානව වර්ගයාට එරෙහි අපරාධ සම්බන්ධයෙන් ඇයට මරණ දඬුවම නියම කළ විට, නෙරපා හරින ලද නායිකාව චෝදනා කළේ නඩු විභාගය දේශපාලනික වශයෙන් අභිප්‍රේරණය වූවක් බවයි.
“මට එරෙහිව ප්‍රකාශයට පත් කරන ලද තීන්දු ප්රජාතන්ත්රවාදී ජනවරමක් නොමැති තේරී පත් නොවූ රජයක් විසින් ස්ථාපිත කර ප්‍රධානත්වය දරන ලද දූෂිත විනිශ්චය සභාවක් විසින් නිකුත් කරන ලද්දක්. මට උසාවියේදී මා ආරක්ෂා කර ගැනීමට සාධාරණ අවස්ථාවක් ලබා දුන්නේ නැහැ.” ඇය පැවසූ බව රොයිටර් පුවත් සේවය වාර්තා කළා.
“සාක්ෂි කිරා මැන බැලිය හැකි, සාධාරණ ලෙස පරීක්ෂා කළ හැකි නිසි විනිශ්චය සභාවක මගේ චූදිතයන්ට මුහුණ දීමට මම බිය නොවෙමි,” ඇය තවදුරටත් පැවසුවා.
