
කොට්ටාවෙන් මත් කරල් සහ කුඩු ජාවාරමක් එක්ක දෙදෙනෙක් කොට්ටාවෙන් අල්ලයි
කොට්ටාව, හතරමං හංදිය ප්රදේශයේ සිදු කළ වැටලීමකදී මත්පෙති 1400 , අයිස් ග්රෑම් දෙකක්, හෙරොයින් ග්රෑම් හයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අද (18) උදෑසන අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලිසිය පවසනවා.
පොලීසිය පවසන්නේ සැකකරුවන් පාසල් ළමුන් සහ පෞද්ගලික උපකාරක පන්ති සිසුන් බස් රථ රියදුරන්, කොන්දොස්තරවරුන් ඉලක්ක කරමින් මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බවයි.
පොලිස් විශේෂ කාර්යාංශයට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර ,එහිදී හතරමං හන්දිය ප්රදේශයේ කුලී පදනම මත ලබාගත් නිවසක රැඳී සිටිමින් මෙම ජාවාරම කලක සිට කරගෙන ගොස් ඇති බව සඳහන්.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් එක් පුද්ගලයකු මීට පෙර හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටි අයෙක්.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පිටිපන සහ මීගොඩ ප්රදේශවල පදිංචි පුද්ගලයින් බව පොලීසිය පැවසුවා.
