
උනාකුරුවේ ද්විත්ව ඝාතනයේ ඝාතකයින් පැමිණි යතුරු පැදිය හමුවේ
තංගල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් උණාකුරුව ග්රාම නිලධාරී වසමෙහි උණාකුරුව ප්රදේශයේ දී ඊයේ රාත්රී 7.00 ට පමණ ඝාතනයට ලක්වූ අඹුසැමි යුවලට අයත් වෙළඳසැලක් තුලදී ඝාතනයට ලක් වුණා.
යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනකු මෙම අඹු සැමි යුවල ඝාතනයට යොදාගෙන ඇත්තේ මි.මී. 9 වර්ගයේ ගිනි අවියක්.
වෙඩි තබා ඝාතනය කර ඇති අතර මොවුන් දැනට විදේශතව සිටින පාතාල කල්ලි සාමාජිකයකු වන විමල් ශාන්ත හෙවත් උණාකූරුවේ ශාන්ත යන පුද්ගලයාගේ මවගේ බාල සහෝදරයා සහ ඔහුගේ බිරිඳ බවට අනාවරණය වී තිබෙනවා.
වෙඩිතැබීමෙන් ඝාතනය වී ඇත්තේ 68 හැවිරිදි ජේ.එච්. විජිතදාස සහ 59 හැවිරිදි පුෂ්පා නමැති අඹු සැමි යුවලක්.
අප වාර්තාකරු පැවසුවේ මෙම වෙඩි තැබීමට වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය වෙඩි තැබීම සිදු වූ ස්ථානයට කි.මී.02 ක පමණ දුරින් අතහැර දමා ගොස් තිබියදී සොයාගත් බවයි.
– උණුසුම් පුවත් ඔබගේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ඔබේ ඩයලොග් දුරකථනයෙන් REG හිස්තැනක් LIVE ලෙස TYPE කර 678 ට SMS කරන්න.
– ඉංග්රීසි භාෂාවෙන් පුවත් ගෙන්වා ගැනීමට ඔබේ ඩයලොග් දුරකථනයෙන් REG හිස්තැනක් ELIVE ලෙස TYPE කර 678 ට SMS කරන්න.
