
උඩරට දුම්රිය මාර්ගයට ගල් පෙරළී දුම් රිය ධාවනයට බාධා
ඊයේ රාත්‍රි බදුල්ල සිට කොළඹ බලා ධාවනය වූ රාත්‍රි තැපැල් දුම්රිය ඉදල්ගස්හින්න, ඔහිය අතර 33 වන බිංගය ආසන්නයේදි රාත්‍රි 10.30 පමණ දුම්රිය මාර්ගයට ගල් පෙරළීම හේතුවෙන් දුම් රිය ගමනා ගමනයට බාධා පැමිණ තිබෙනවා.
දුම්‍රිය පාලක මැදිරිය පවසන්නේ මේ හේතුව නිසා උඩරට දුම්රිය මාර්ගයේ දුම් රිය ධාවනයට බාධා පැමිණ ඇති බවයි.
බදුල්ල සිට කොළඹ බලා ගමන් කරන රාත්‍රී තැපැල් දුම්රිය බදුල්ලෙන් පිටත් වී ඇත්තේ පස්වරු හයයි පහට පමණයි.
එන්ජින් දෙකක් සහිත මෙම දුම්රියේ ඉදිරි ඇන්ජිම මාර්ගයට පෙරළී ඇති ගල් වල ගැටී තිබෙනවා.
එහි වාර්තා පැවසුවේ දුම්රිය මගින් එම ස්ථානයෙන් ඉවත් කර පසුව දුම්රිය පසුපස එන්ජිමේ සහාය ඇතිව බදුල්ල බලා පිටත් කර හැර ඇති බවයි.
– උණුසුම් පුවත් ඔබගේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ඔබේ ඩයලොග් දුරකථනයෙන් REG හිස්තැනක් LIVE ලෙස TYPE කර 678 ට SMS කරන්න.
– ඉංග්‍රීසි භාෂාවෙන් පුවත් ගෙන්වා ගැනීමට ඔබේ ඩයලොග් දුරකථනයෙන් REG හිස්තැනක් ELIVE ලෙස TYPE කර 678 ට SMS කරන්න.
