දිළිඳු බව තුරන් කරන්න “ප්‍රජාශක්ති” කිලිනිච්චි යයි

දිළිඳු බව තුරන් කරන්න “ප්‍රජාශක්ති” කිලිනිච්චි යයි

“ප්‍රජාශක්ති” දිළිඳු බව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීමට සමගාමීව දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන් හි රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහන් මාලාවේ තවත් එක් අදියරක් ඊයේ (18) සහ අද(19) දෙදින කිලිනොච්චියේ දී ක්‍රියාත්මක කෙරුණා.

මේ සඳහා උතුරු පළාතේ සේවය කරන උතුරු පළාත් සභාවේ නිලධාරීන් ,යාපනය,කිලිනොච්චිය,වව්නියාව, මුලතිව්,මන්නාරම දිස්ත්‍රික්ක වල රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් 45 ක් පමණ එක්ව තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ සැම ගමකම ප්‍රජා සංවර්ධන සභා ස්ථාපිත කරමින් මෙම වැඩසටහන් බිම් මට්ටමින් ක්‍රියාවට නැංවෙන අතර මෙම කටයුතු ඉදිරියට ක්‍රියාත්මක කිරීමේ ප්‍රමුඛ කාර්යභාරයක් ප්‍රාදේශීය ලේකම් කාර් යාලවල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට පැවරෙන බවයි.

– උණුසුම් පුවත් ඔබගේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ඔබේ ඩයලොග් දුරකථනයෙන් REG හිස්තැනක් LIVE ලෙස TYPE කර 678 ට SMS කරන්න.
– ඉංග්‍රීසි භාෂාවෙන් පුවත් ගෙන්වා ගැනීමට ඔබේ ඩයලොග් දුරකථනයෙන් REG හිස්තැනක් ELIVE ලෙස TYPE කර 678 ට SMS කරන්න.

Share This