
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ ඉහළම බදු ආදායම වාර්තා කරයි
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ මෙතෙක් රැස්කරන ලද ඉහළම බදු ආදායම මේ වසරේ වාර්තාකර තිබෙනවා.
2025 වර්ෂය වෙනුවෙන් පසුගිය 17 වැනි දින වන විට එම බදු ආදායම රැස්කර තිබෙනවා.
ඒ රුපියල් බිලියන 2002.241ක්.
මෙය 2024 වර්ෂයේ සමස්ථ ආදායමට සාපේක්ෂව රුපියල් මිලියන 60,079ක ඉහළයාමක්.
2024 සමස්ථ වර්ෂය තුළදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රැස්කරන ලද රුපියල් බිලියන 1942ක් ඉක්මවූ බදු ආදායම සමඟ සැසදීමේදී 17 වැනිදා වන විට ආදායම රුපියල් බිලියන 2002ක ඉක්මවායාම තුළින් රාජ්‍ය මූල්‍ය තත්ත්වය ශක්තිමත්ව පවත්වා ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ප්‍රසංසනීය දායකත්වයක් ලබාදී තිබෙනවා.
– උණුසුම් පුවත් ඔබගේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ඔබේ ඩයලොග් දුරකථනයෙන් REG හිස්තැනක් LIVE ලෙස TYPE කර 678 ට SMS කරන්න.
– ඉංග්‍රීසි භාෂාවෙන් පුවත් ගෙන්වා ගැනීමට ඔබේ ඩයලොග් දුරකථනයෙන් REG හිස්තැනක් ELIVE ලෙස TYPE කර 678 ට SMS කරන්න
