
පහළ කඩුගන්නාවේ පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයින් 10 ක් යට වී ඇතැයි වාර්තා – අයෙක් ජීවිතක්ෂයට
කොළඹ, මහනුවර ප්රධාන මාර්ගයට යාබද කඩුගන්නාව, පහළ කඩුගන්නාව ප්රදේශයේ නිවසක් සහ වෙළෙඳසැලක් මතට පස් කන්දක් සමඟ ගල් පෙරලීමෙන් පුද්ගලයින් 10 දෙනෙකු පමණ ඊට යටවී ඇතැයි වාර්තා වනවා.
අප වාර්තාකරු සඳහන් කළේ ඉන් මුදාගත් සිව්දෙනෙකු මාවනැල්ල රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් අතර, ඉන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
සිද්ධියත් සමඟ කොළඹ මහනුවර ප්රධාන මාර්ගය එම කොටසින් වසා දමා පස් කන්දට යට වූවන් මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.
සෙසු පිරිස මුදාගැනීම සඳහා මේ වනවිටත් ආරක්ෂක අංශ සහ ප්රදේශවාසීන් එක්ව මෙහෙයුම් සිදුකරමින් පවතිනවා.
මේ හේතුවෙන් පියවර ගෙන ඇත්තේ ගණේතැන්න ප්රදේශයෙන් කොළඹ – මහනුවර ප්රධාන මාර්ගයේ කොටසක් තාවකාලිකව වසා දැමීමටයි.

