ජපාන අගමැතිට එරෙහිව  ටෝකියෝහි හි විරෝධයක්

ජපාන අගමැතිට එරෙහිව ටෝකියෝහි හි විරෝධයක්

ජපාන අගමැති සානේ ටකයිචිට විරෝධය පළකරමින් එරට 2000කට ආසන්න පුරවැසියන් ටෝකියෝහි හි අගමැති නිල නිවස ඉදිරිපිට විරෝධතා දක්වනවා.

ඒ, පසුගියදා අගමැතිනිය විසින් චීනය සම්බන්ධයෙන් සිදුකල ප්‍රකාශයක් හේතුවෙන්.

යම් ලෙසකින් චීනය, තායිවානයට පහර දුනහොත් සිය සමීපතම සගයා වන තායිවානට සහය දක්වන බවයි ඇය ප්‍රකාශ කර තිබුණේ.

එම ප්‍රකාශය හේතුවෙන් මේ වෙන විට චීනය සහ ජපානය අතර රාජ්‍යතාන්ත්‍රික සබදතා පළුදු වී ඇති අතර විරෝධතාකරුවන් ඉල්ලා සිටින්නේ දෙරට යුද්ධයකට පෙළඹවීම නවත්වන ලෙසයි.

Share This