G20 සමුලුවට දකුණු අප්‍රිකාවට නො‍යන බවට ඇමරිකා ජනපතිගේ ස්ථාවරය දෙරට අතර දිගු අවුලකට මුල පුරයි

G20 සමුලුවට දකුණු අප්‍රිකාවට නො‍යන බවට ඇමරිකා ජනපතිගේ ස්ථාවරය දෙරට අතර දිගු අවුලකට මුල පුරයි

පසුගිය වසරේ G20 සභාපතිත්වය භාරගත් විට, දකුණු අප්‍රිකාව බලාපොරොත්තු වූයේ ලෝක නායකයින්ගේ රැස්වීමට සත්කාරකත්වය සපයන පළමු අප්‍රිකානු රට ලෙස, සංවර්ධනය වෙමින් පවතින රටවලට වඩාත්ම වැදගත් ගැටළු සඳහා පෙනී සිටිය හැකි බවයි.

නිදසුනක් වශයෙන්, ලෝකයේ විශාලතම ආර්ථිකයන්ගෙන් යුත් රාජ්‍ය නායකයින් 20 දෙනා, දියුණු ආර්ථිකයන්ට වඩා ණය සඳහා පොලිය වශයෙන් දෙගුණයක් හෝ හතර ගුණයක් වැඩිපුර ගෙවන සංවර්ධනය වෙමින් පවතින රටවලට ණය ගැනීම ලාභදායී විය යුතු බවට තර්ක සලකා බැලීමටොවුන්ට අවශ්‍ය වී පැවතුනා.

මෙම සති අන්තයේ සමුළුවේ අනෙකුත් තේමාවන් අතර දේශගුණික විපර්යාස සඳහා මූල්‍යකරණය සුරක්ෂිත කිරීම, බහුපාර්ශ්වික සංසදවල අප්‍රිකානු රටවල සහභාගීත්වය වැඩි කිරීම සහ ඔවුන්ගේ තීරණාත්මක ඛනිජ වලින් හොඳම වටිනාකම ලබා ගැනීම සහතික කිරීම ඇතුලු යෝජනා ද ඇතුළත්.

බී.බී.සී. ලෝක සේවය පෙන්වා දෙන්නේ නමුත් මේ දක්වා, රැස්වීම වටා ඇති කතිකාව ආධිපත්‍යය දරන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගී නොවීමට ගත් ප්‍රසිද්ධ තීරණයයි.

පසුගිය වසර පුරා දෙරට අතර සම්බන්ධතාවය වඩ වඩාත් අවුල් සහගත වී ඇති අතර එක්සත් ජනපදය වොෂින්ටනයේ දකුණු අප්‍රිකානු තානාපතිවරයා නෙරපා හැර, එහි ආධාර අරමුදල්වලින් කොටසක් කපා හැර, දකුණු අප්‍රිකාවට 30% ක තීරුබදු පනවනු ලැබුවා. (උප-සහාරා අප්‍රිකාවේ ඉහළම අනුපාතය).

අවසාන වශයෙන්, මුලින් උප ජනාධිපති ජේ.ඩී. වැන්ස්, ජී 20 සමුළුවට යවන බව පැවසීමෙන් පසු, ට්‍රම්ප් සති දෙකකට පෙර හදිසියේම නිවේදනය කළේ කිසිදු එක්සත් ජනපද නියෝජිතයෙකු සහභාගී නොවන බවයි.

දකුණු අප්‍රිකාවේ අගනුවර වන ප්‍රිටෝරියාහි රජය, උත්සාහ කරමින් සිටියේ නොසැලකිලිමත් නමුත් රාජ්‍ය තාන්ත්‍රික ස්වරයක් පවත්වා ගැනීමටයි.

සුදු ජාතික ජන සංහාරයක් පිළිබඳ ප්‍රකාශ දකුණු අප්‍රිකා රජය තරයේ ප්‍රතික්ෂේප කර ඇති අතර සමුළුව එක්සත් ජනපදය සමඟ හෝ නැතිව ඉදිරියට යන බව අවධාරනය කර තිබෙනවා.

හදිසියේම මුහුණට මුහුණලා සහ ජී 20 සමුළුවට පැය 48 කටත් අඩු කාලයක් තිබියදී , එක්සත් ජනපදය නිවේදනය කළේ තම රට තුළ සිටින රාජ්‍ය තාන්ත්‍රිකයින්ගෙන් කුඩා කණ්ඩායමක් භාරදීමේ උත්සවයට යවන නමුත් කිසිදු සාකච්ඡාවකට සහභාගී නොවන බවයි.

දෙරට අතර ආතතිය පහව යන බවට කිසිදු සලකුණක් මෙතෙක් පෙන්වා නැති අතර, ලබන වසරේ එක්සත් ජනපදය G20 සභාපතිත්වය භාර ගන්නා විට දකුණු අප්‍රිකානු රාජ්‍ය තාන්ත්‍රිකයින් රැස්වීම්වලට සහභාගී නොවීමට ඉඩ ඇති බවට කනස්සල්ලක් ද මතුව තිබෙනවා.

දකුණු අප්‍රිකාවේ මුදල් අමාත්‍ය ඉනොක් ගොඩොංවානා මෙම සතිය මුලදී වාර්තාකරුවන්ට පැවසුවේ තම රජයට ලබන වසරේ රැස්වීම්වලට සහභාගී නොවීමට ඇත්තේ එක් මාර්ගයක් පමණක් බවයි.

“අපි G20 හි සාමාජිකයන්, අපි ආරාධිත රටක් නොවේ. එබැවින් අපට කිසිවෙකුගෙන් ආරාධනයක් අවශ්‍ය නැහැ,” යයි ඔහු පවසා තිබුණා.

“එක්සත් ජනපදය අප සහභාගී වීමට අකමැති නම්, ඔවුන්ට එය කළ හැකි එකම ක්‍රමය අපට වීසා ප්‍රතික්ෂේප කිරීමයි.”

එක්සත් ජනපද ජනාධිපතිවරයා G20 සමුලුවට නොයන බවට ප්‍රකාශකිරීමට හේතු වූයේ දකුණු අප්‍රිකාවේ සුදු ජාතික සුළුතරය මහා පරිමාණ ඝාතන සහ ඉඩම් කොල්ලකෑම්වලට ගොදුරු වී ඇති බවට පුළුල් ලෙස අපකීර්තියට පත් ප්‍රකාශය හේතුවෙන්.

Share This