
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනය වැලිගමට සීමා වේ
ඊයේ දින පස්වරු 02.05 ට මාතර සිට කොළඹ මරදාන බලා ධාවනය වූ මන්දගාමී දුම්රිය කඹුරුගමුව හා වැලිගම දුම්රිය ස්ථාන අතර පිලි පැනීමකට ලක් වීම හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනා ගමනය වැලිගම දක්වා පමණක් සීමා කර තිබෙනවා.
දුම් රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසන්නේ දුම්රිය කාර්ය මණ්ඩයල නැවත එහි පිලි ගත කිරීම් සිදු කල නමුත් නැවතත් දුම්රිය එම ස්ථානයේම පිලි පැනීමට ලක් ඇති බවයි.
යලිත් එහි පිලි ගත කිරීම් සිදු කිරීම් මේ වන විටත් සිදුවන අතර මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමන කොළඹ සිට වැලිගම දක්වා පමණක් සිදු කිරීමට සිදුව ඇතැයි වාර්තා වුණා.
