
හිටපු ජනාධිපති රනිල් සහ බිරිඳ මෛත්‍රී මදුරෙයි මීනාක්ෂි අම්මාන් කෝවිලට යයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඔහුගේ බිරිඳ මහචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය, මදුරෙයි මීනාක්ෂි අම්මාන් කෝවිලට ගොස් ඊයේ(22) වතාවත්වල නිරතව තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තාකර තිබුණේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මදුරෙයි හි මීනාක්ෂි අම්මාන් කෝවිලට ඊයේ පැමිණියේ, ඉහළ පෙළේ මහජන මුදල් අවභාවිත නඩුවකින් මාස කිහිපයකට පසුව වීම විශේෂත්වයක් බවයි.
හිටපු ජනාධිපතිවරයා සහ බිරිඳ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය වෙනුවෙන් ප්‍රාදේශීය පොලිසිය විසින් දැඩි ආරක්ෂක විධිවිධාන යොදාතිබිය දී මෙම කෝවිල් සංචාරය සිදුකළ බවයි.
වික්‍රමසිංහ මහතා සහ ඔහුගේ බිරිඳ ඉන්දියාව බලා ගියේ පසුගිය සිකුරාදායි.
ලෝක ප්‍රසිද්ධ මදුරෙයි මීනාක්ෂි අම්මාන් කෝවිල දිනපතා එරට සහ විදේශයන් දහස් ගණනක් බැතිමතුන් ගේ වන්දනාවට පාත්‍රවන ස්ථානයක්.

