කුඩා ගඟ පිටාර ගලා බුලත්සිංහල පහත් බිම් රැසක් යටවී ගමනා ගමනයට බාධා

කුඩා ගඟ පිටාර ගලා බුලත්සිංහල පහත් බිම් රැසක් යටවී ගමනා ගමනයට බාධා

පැවති අධික වර්ෂාපතනයත් සමඟම කුඩා ගඟ පිටාර ගැලීමෙන් බුලත්සිංහල ප්‍රදේශයේ පහත්බිම් රැසක් තවමත් ජලයෙන් යටව පවතිනවා.

අප වාර්තාකරු පවසන්නේ මේ හේතුවෙන් බුලසිංහල, මෝල්කාව ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති අතර එම මාර්ගය භාවිතා කරන ජනතාව දැඩි පීඩාවට ලක්ව සිටින බවයි.

මේ වන විටත් යුද හමුදාවේ ජීවිත ආරක්ෂක කණ්ඩායම් මෙම ප්‍රදේශයට යොමු කර ඇති අතර ප්‍රදේශවාසීන් ඔරු, අඟුල් ආධාරයෙන් තම ගමනාගමන කටයුතු සිදු කර ගන්නා ආකාරය දක්නට ලැබුණා.

අප වා‍ර්තාකරු පැවසුවේ අද උදෑසන එම ප්‍රදේශයට දැඩි මීදුම් සහිත තත්ත්වයක්ද බලපා තිබූ බවයි.

 

Share This