ලන්ඩනයේ දී ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින්ට දෙමළ ඩයස්පෝරා විරෝධයක්

ලන්ඩනයේ දී ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින්ට දෙමළ ඩයස්පෝරා විරෝධයක්

එක්සත් රාජධානියේ පැවැත්වෙන 36 වැනි ඉල්මහ විරුසමරු උත්සවයකට සහභාගීවීම සඳහා ලන්ඩනයට ගොස් සිටින ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාට එරෙහිව එරට වෙසෙන දෙමළ ඩයස්පෝරා පිරිසක් විරෝධතාවක නිරත් වුණා.

ඔවුන් ටිල්වින් සිල්වා මහතා ගමන් කළ රථය අවහිර කරමින් විරෝධය පළ කළ අතර එරට පොලීසිය මැදිහත්ව ඔවුන් ඉවත් කිරීමට කටයුතු කළා.

මෙම පිරිස විරෝධතාවයේ නිරත වුණේ එල්.ටී.ටී.ඊ. ධජ ඔසවාගෙන හීත්‍රෝ ගුවන්තොටුපළ ඉදිරිපිටයි.

ඔහු ලන්ඩන් නුවර සිටින කාලය තුල ප්‍රසිද්ධ රැස්වීම් දෙකකට සහභාගී වූ බව වාර්තා වුණා.

 

 

Share This