
පාකිස්තාන පෙෂාවර් පැරාමිලිටරි හමුදා මූලස්ථානයකට මරාගෙන මැරෙන ප්‍රහාරයක්
පාකිස්තානයේ වයඹදිග පෙෂාවර් නගරයේ පිහිටි පැරාමිලිටරි හමුදා මූලස්ථානයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය පවසන්නේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකු මෙම ස්ථානයට පැමිණ ඇති අතර ඉන් එක් අයෙක් මූලස්ථානයේ ප්‍රධාන දොරටුව අසළ බෝම්බය පුපුරවා හැර ඇති බවයි.
අනෙක් පුද්ගලයා හමුදා මූලස්ථාන පරිශ්‍රය තුළ දී බෝම්බය පුපුරවා හැර තිබෙනවා.
කෙසේවෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති බවයි.
