බස් රථ අනතුරකින් 6 කට දිවි අහිමි වී 28 ක් රෝහලට

බස් රථ අනතුරකින් 6 කට දිවි අහිමි වී 28 ක් රෝහලට

තමිල්නාඩුවේ තෙන්කාසි දිස්ත්‍රික්කයේ අද(24) පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණලා ගැටීමෙන් පුද්ගලයින් හය දෙනෙකු මිය ගොස් 28 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

පොලිසියට අනුව, මදුරෙයි සිට සෙන්කෝට්ටයි දක්වා ගමන් කරමින් තිබූ පෞද්ගලික බස් රථයක් සහ තෙන්කාසි සිට කෝවිල්පට්ටි දෙසට ගමන් කරමින් තිබූ තවත් බස් රථයක් මෙලෙස ගැටී තිබුණා.

මෙම අනතුර හේතුවෙන් බස් රථ දෙකම සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, එමඟින් පළාත් පාලන ආයතන සහ ගිනි නිවන භටයින්ට විශාල ගලවා ගැනීමේ මෙහෙයුමක් දියත් කිරීමට සිදුව තිබුණා.

මදුරෙයි සිට සෙන්කෝට්ටයි දක්වා ගමන් කරමින් තිබූ කීසාර් බස් රථය නොසැලකිලිමත් ලෙස ධාවනය කර ඇති බව මූලික විමර්ශනවලින් හෙළි වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පවසා තිබෙනවා.

“කීසාර් බස් රථ රියදුරුගේ අධික වේගය සහ නොසැලකිලිමත් ලෙස රිය පැදවීම අනතුරට හේතුව බව විමර්ශකයින් විශ්වාස කරනවා.

සිද්ධිය වූ ස්ථානයේ සෞඛ්‍ය නිලධාරීන් පවසා ඇත්තේ සමහර වින්දිතයින්ගේ තත්ත්වය තවමත් බරපතල නිසා, මරණ සංඛ්‍යාව ඉහළ යාහැකි බවයි.

Share This