
විද්‍යුත් කාඩ්පත් හරහා බස් ගාස්තු ගෙවන්න මගින්ට අද සිට පුළුවන් වෙයි
රට පුරා හඳුන්වාදෙන නව්‍ය ඩිජිටල් විසදුම් යටතේ මෙරට පොදු ප්‍රවාහන සේවාව වෙනුවෙන් නව වැඩසටහනක් අද (24) ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය හඳුන්වා දෙනු ලැබුවා.
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපදේශකත්වය මත ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ප්‍රවාහන සේවය තවත් ශක්තිමත් කිරීමත්, විනිවිදභාවය මගීන් සහ කොන්දොස්තර මහත්වරුන් අතර තව දුරටත් තහවුරු කිරීමටත්, මගී පහසුව වෙනුවෙනුත් විද්‍යුත් කාඩ්පත් හරහා ගෙවීම් සිදු කිරීමේ වැඩසටහන මාකුඹුර බහුවිධ මධ්‍යස්ථානයේ දී ආරම්භ කෙරුණේ අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන්.
එහිදී අමාත්‍යවරයා කියාසිටියේ බස් ගාස්තු විද්‍යුත් කාඩ්පත් හරහා ගෙවීම් කිරීමේදී මගීන්ගෙන් අමතර ගාස්තුවක් අය නොකෙරෙන බවයි.
බැංකු ගාස්තුව ගෙවීම බස් හිමියන් වෙත පැවරෙන අතර ඒ අනුව බස්ගාස්තු කාඩ්පත් මගින් ගෙවීමෙන් මගීන්ට වැඩි මුදලක් වැයකිරීමට සිදු නොවන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
නව ක්‍රමවේදයෙන් මගීන්ට අමතර මුදලක් වැය නොවන අතර, නියමිත ගාස්තුව පමණක් ගෙවීමේ හැකියාව ද ලැබෙනවා.
කාඩ්පත් මගින් බස්ගාස්තු ගෙවීම් වැඩපිළිවෙළ ඉදිරි දින කිහිපයේදී සමීපව නිරීක්ෂණය කරන බව ද අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසුවා.
මෙම ක්‍රමවේදය මගින් බස් මගීන්ට සිය ගමනාන්තය වෙනුවෙන් නියමිත මුදල පමණක් ගෙවීමේ හැකියාව හිමි වනවා.
ඊට අමතරව බස් හිමියන්ට ද ප්‍රතිලාභ හිමිවන බවත් අමාත්‍ය බිමල් රත්නායක මහතා පෙන්වා දුන්නා.
මාර්ග කිහිපයක අද සිට මෙම ක්‍රමවේදය ආරම්භ වන අතර හෙට සිට තවත් මාර්ග කිහිපයකට ක්‍රමවේදය හඳුන්වා දීමට සැලසුම් කර තිබෙනවා.
පොදු ප්‍රවාහන සේවය සංවර්ධනය කිරීම රජයේ ප්‍රධානතම අපේක්ෂාවක් වන අතර ඒ සඳහා ඉදිරියේදී තවත් ක්‍රියාමාර්ග රැසක් අනුගමනයට රජය සූදානම්ව සිටිනවා.
