කතරගම දේවාලයේ බස්නායක නිළමේ තෝරන ඡන්දය දෙසැම්බර් 09

කතරගම දේවාලයේ බස්නායක නිළමේ තෝරන ඡන්දය දෙසැම්බර් 09

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේවරයා තෝ රාපත් කර ගැනිිමේ දී පවතින ඡන්ද 17 ප්‍රමාණවත් නොවන බැවින් දුෂණය, වංචාව, දේශපාලන බළය, වැඩිපුර ඉස්මතු වන තත්ත්වයක් ඇති නිසා පවතින ඡන්ද ක්‍රමය වෙනස් කර ඡන්ද අයිතිය වැඩි කර දෙන ලෙස කතරගම ප්‍රදේශවාසීන් පිරිසක් ඉල්ලීමක් කර සිටිනවා.

ඔවුන් මේ අදහස් පළ කරන්නේ මේ වන විට රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළවරණය ලබන දෙසැම්බර් 09 වැනි දින පැවැත්වීමට බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා නිවේදනය කර තිබෙන වාතාවරණයකයි.

ඉංග්‍රීසින් ගේ පාලනය විසින් දේවාල නින්දගම් පාලනය පිණිස රජයේ නියෝජනය පිණිස බස්නායක නිළමේවරයකු පත් කර ගැනීමට වසර 05 කට වරක් සිදු කිරීම මෙතෙක් පැවති සම්ප්‍රදායයි.

බස්නායක නිළය සදහා ඡන්ද ලබා දෙනු ලබන 17 දෙනා වන්නේ කකතරගම ශ්‍රී අභිණවාරාමය, කතරගම කිරිවෙහෙර, වැඩසිටිකන්ද රාජමහා විහාරය, සෙල්ල කතරගම මහාසෙන් රාජමහා විහාරය, රුහුණු මහා කතරගම දේවාලයේ වැඩබලන නිළමේ, බිබිල කොටබෝව දේවාලයේ බස්නායක නිළමේ හා මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් 11 දෙනායි.

ඉදියට පත්වන 13 වැනි බස්නායක නිළවරණය වන මෙම ඡන්ද සදහා විවිිධ පිරිස් විහාරාධිපතිවරුන් හමුවිමට මේ වන ක්‍රියා කරමින් සිටින බව වාර්තා වනවා.

දුටු ගැමුණු රජ සමයේ ප්‍රථම බස්නායක නිළමේ ලෙස තම මාමා කෙනකු මහා බේත්මේ ලෙස පත් කළ බව ඉතිහාසයේ සඳහන්.

මෙම උත්තරීතර තනතුර පරම්පරාවෙන් පැවැත පැමිණ එන්නක් ලෙස පැවතී අන්තිම පරම්පරාවට උරුමය කියු උල්විට අදිකාරම් බණ්ඩාරනායක මහතා ගෙන් (1921) පසුව නිළවරණයක් මගින් නිළමේවරයා තොරා ගැනීමට ඉංග්‍රීසි ආණ්ඩුව විසින් ක්‍රියා කර තිබෙනවා.

මේ වන විට වැඩිම දෙනකු නිතරගයෙන් තේරි පත් වී ඇති අතර 1965 සහ 1974 වර්ෂ වල දී පමණක් ඡන්දයෙන් නිළමේවරයකු තේරිපත් විි තිබෙනවා.

කතරගම දේවාලයේ පාරිපාලන නිලධාරියා වන බස්නායක නිළමේවරයා සතු වගකීම් ගොඩමඩ ඉඩම් වලින් බදු මුදල් එකතු කිරිම, අලි ඇතුන් හා දේපළ රැකබලා ගැනීම, සේවක පාලනය, දේවාලයේ පෙරහැර මංගල්ලයන් ඉටු කිරිම හා දේවාලයේ අදායම් බෞද්ධ කටයුතු කොමසාරිස් වෙත පෙන්විම බස්නායක නිළමේවරයාගේ කාර්ය බාරයට අයත්.

කතරගම දේවාලය රුහුණු පළාතට මෙන්ම ඌව පළාතට අයත් ඓතිහාසික සිද්ධස්ථානයක් වන බැවින් දකුණු පළාතේ ⁣හා ඌව පළාතේ රජමහා විහාරස්ථාන වෙත ද ජනතාව නියෝජනය කරන බෞද්ධ සංවිධාන වෙතද දේවාලයේ කපු පරපුරටද බුත්තල , පැල්වත්ත රාජකාරි කරුවන්ට ද ඡන්ද අයිතිවාසිකම් ලබා දෙන ලෙස කතරගම හා තිස්සමහාරාම ජනතාව ඉල්ලීමක් ජනපතිවරයාගෙන් හා බෞද්ධ කටයුතු කොමසාරිස් වරයාගෙන් ඉල්ලා සිටිනවා.

බොහෝ දෙනකු පෙන්වා දෙන්නේ කෝටි ගණනක් මුදල් ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත මෙන්ම විවිධ වරදාන විහාරස්ථාන වෙත ලබාදී බස්නායක නිළමේ තේරාගැනිමට ක්‍රියා කරමින් කටයුතු කිරීම අතීතයේ මෙන්ම වර්ථමානයද සිදු වන බවයි.

එසේ මුදල් වියදම් කර එන නිළමේවරුන් වියදම් කල අසීමිත මුදල් ඉපයිමට ක්‍රියා කරන බැවින් පවතින ඡන්ද ක්‍රමය වෙනස් කර මහනුවර දළදා මාලිගයේ ඡන්ද ක්‍රමය මෙන් ඡන්ද දායක ප්‍රමාණය වැඩි කර දෙන ලෙස පිරිසක් ඉල්ලා සිටිනවා.

ලබන මස 09 වැනි දා පත් වීමට ඇත්තේ කතරගම දේවාලයේ 13 වැනි බස්නායක නිළමේවරයායි.

 

Share This