හෙට සිට කාලගුණය අයහපත් – ආපදා කළමනාකරණයෙන් අනතුරු ඇඟවීම්

හෙට සිට කාලගුණය අයහපත් – ආපදා කළමනාකරණයෙන් අනතුරු ඇඟවීම්

ඉදිරි දින කිහිපය තුළ අධ්ක වැසි තත්තවයක් අපේක්ෂා කළ හැකි බවට කාලගුණ අනාවැකි පළ කර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ,මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසන්නේ මේ වන විට හදිසි ආපදාවක දී 117 කෙටි දුරකතන අංක‍යට දැනුම් දීමක් සිදුක‍රන ලෙසයි.

ඕනෑම අපදාවක් සදහා සියල්ල සූදානම් කර ඇති බවත් මේ වනවිට කළුතර,ගාල්ල,යාපනය,බදුල්ල,කැගල්ල,හම්බන්තොට,නුවරඑළිය,පුත්තලම යන දිස්ත්‍රික්කවලින් සිද්ධි වාර්තා වී ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නා.

මේ වන විට ආරක්ෂිත ස්ථාන 3 ක පුද්ගලයින් 67 දෙනකු රඳවා සිටින බවත් ඔහු පැවසුවා.

අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 10 ක් මේ වනවිට වාර්තා වන අතර තවදුරටත් ගංගා සහ ජලාශ ආශ්‍රිත ජල මට්ටම ඉහළ යා හැකි බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනු දෙනවා.

බෙංගාල බොක්ක ගැඹුරු මුහුදේ යාත්‍රා කරන යාත්‍රා සදහා අවධානම් නිවේදන නිකුත්කර ඇතැයි ද ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළා.

ඔහු පැවසුවේ හෙට දිනයේ සිට අධික වර්ෂා සහිත කාලගුණයක් බලාපොරොත්තු වන බවත් මාර්ග පරිහරණයේ දී ආපදා නිවේදන පිළිබඳව උනන්දු වන ලෙසත් ප්‍රදීප් කොඩිප්පිලි මහතා අවධාරණය කළා.

උසස් පෙළ විභාග පැවැත්වෙන කාල සීමාවේ ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ දුරකථන අංක සමග සම්බන්ධ විය හැකි බවත් ඔහු දැනු දුන්නා.

කොඩිප්පිලි මහතා තරයේ අවවාද කළේ අනාරක්ෂිත ස්ථානවල දිය නෑමට යාමෙන් වලකින ලෙසයි.

Share This