පහළ කඩුගන්නාව තවම අවදානම් –  ලයිඩා තාක්ෂණයෙන් මැනීම් කටයුතු

පහළ කඩුගන්නාව තවම අවදානම් – ලයිඩා තාක්ෂණයෙන් මැනීම් කටයුතු

කඩුගන්නාව නායයාම් අවදානමට ලක්ව ඇති ප්‍රදේශ ලයිඩා තාක්ෂණය යොදාගනිමින් මැනුම් කටයුතු ආරම්භ කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ලක්සිරි ඉන්ද්‍රතිලක මහතා පැවසුවේ නායයෑම් අනතුරු ඇගවීම් නිවේදන තව දුරටත් දීර්ඝ කර ඇති බවයි.

ඒ අනුව අදියර දෙක යටතේ සහ පලමු අදියර යටතේ අනතුරු ඇඟවීම් නිකුත් ක‍ර ඇතැයි ඔහු පැවසුවා.

ඊයේ ලැබුණ වර්ෂාපතනය සමග හල්දුල්මුල්ල කණ්ඩි කඩා වැටීම හේතුවෙන් ප්‍රධන මාර්ගයේ එක් මංතීරුවක් පස් වලට යටවීම හේතුවෙන් වසා තිබූ මාර්ගය අද උදෑසන නැවත විවෘත කර තිබෙනවා.

කඩුගන්නාව සිද්දියට අදාලව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ උපදෙස් ලබාදී ඇති අතර අධික වර්ෂාව හේතුවෙන් එහි පිළිසකර කිරීමේ කටයුතු තරමක් අපහසු වී ඇතැයි වාර්තා වනවා.

මෙහි ඇතැම් ස්ථාන වෙත ලගාවීම අපහසු වීම හේතුවෙන් ලයිඩා තාක්ෂණය යොදාගන්නා බව ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කළා.

ඉදිරි දින් තුන දීර්ඝ වර්ෂා සහිත කාලගුණයක් අපේක්ෂා කරන බැවින් ගොඩනැගිලි ප‍ර්යේෂණ සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඒ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසයි.

 

Share This