
රු. 3500 ක් අල්ලස් ගත් ගාල්ල මහාධිකරණයේ සිතාසි සහ ඇස්කිසි බෙදන්නා අත්අඩංගුවට
ගාල්ල මහාධිකරණයේ සිතාසි සහ ඇස්කිසි රාජකාරි කරමින් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවන නඩුවකට අදාල පාර්ස්වකාරියකට නීත්‍යනුකූල නොවන ලෙස සිතාසියක් බාර දී එම සිතාසියේ සඳහන් නඩු දිනය කල් දමා දෙන බවට පොරොන්දු වී රු. 3500 ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීමේ සිද්ධියකට අදාල ඇස්කිසි බෙදන්නා අල්ලස් හෝ දූෂණ කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අල්ලස් කොමිසම පැවසුවේ ඊයේ (24) අත් අඩංගුවට ගත් මෙම පුද්ගලයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 28 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බවයි.
