කතරගම දේවාලය පිටුපස පිහිටි බෝ ගසට නැග  මත් පෙති නැතිව තරුණයෙක් යකා නටයි

කතරගම දේවාලය පිටුපස පිහිටි බෝ ගසට නැග මත් පෙති නැතිව තරුණයෙක් යකා නටයි

කැබැල්ලවේ සිට පැමිණි චානුක බව පවසන තරුණයකු අද (25) දහවල් කතරගම දේවාලය පිටුපස පිහිටි බෝධින් වහන්සේ උඩටනැග කළහාකාරි ලෙස හැසිරී තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ බෝධිය උඩට නැගගත් මෙම පුද්ගලයා විවිධ ඉල්ලිම් කර පරුෂ වචනයෙන් බැන වදිමින් හැසිරුන බවයි.

පසුව කතරගම පොලිස් ස්ථානාධිපතිවරයා ගේ උපදෙස් මත සිවිල් ආරක්ෂක භටයින් විසින් මේ පුද්ගලයා සුක්ෂමව ගසින් බැස්සවිමට ක්‍රියා කර තිබෙනවා.

ගසින් බැසගත් මෙම පුද්ගලයා සිවිල් ආරක්ෂක නිලධාරීන්ට ද පහර ⁣දිමට තැත් කර ඇති අතර පසුව ඔවුන් පිඅයව ගෙන ඇත්තේ ඔහු කතරගම දේවාල මුරපොළ වෙත බාර දීමටයි.

අප වාර්තාකරු පවසන්නේ මොහු මත් පෙති නොමැතිකමින් මනස විකෘති වූ තරුණයකු බවයි.

Share This