
ජාත්‍යන්තර මුල්‍ය අරමුද ලංකාවට ණය දීම සලකා බලන්න දෙසැම්බර් 15 රැස්වේ
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව පිලිබද ආර්ථික ප්රතිසංස්කරන වැඩසටහනේ පස්වන සමාලෝචනය පිලිබද සාකච්ජා කර අනුමැතිය ලබා දීම සදහා විධායක කමිටුව දෙසැම්බර් 15 වෙනිදා රැස්වීමට නියමිත බවජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසනවා.
එහිදී විධායක මණ්ඩලයේ අනුමැතියෙන් පසු එක්සත් ජනපද ඩොලර් මිලියන 347ක පමණ මූල්‍ය පහසුකමක් සඳහා ශ්‍රී ලංකාවට ප්‍රවේශය හිමිවනු ඇති.
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ පස්වන සමාලෝචනය අවසන් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල එකඟතාවකට පසුගිය ඔක්තෝබර් 09 දා එළැඹුණා.
ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් එළැඹෙන දෙසැම්බර් 15 වෙනිදා මෙම සමාලෝචනය සලකා බැලීමට නියමිතයි.
මීට පෙර අවස්ථාවක ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ මහතා සදහන් කළේ 2026 වසරේ අයවැය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති කොන්දේසි සම්පුර්ණ කර ඇත්දැයි සලකා බලා පස්වැනි සමලොචනයට අනුමැතිය ලබාදීම තීරණය කරන බවයි.
පසුගිය දිනක මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අධ්යක්ෂ ජූලි කොසැක් මහත්මියද සදහන් කළේ එළඹෙන වසරේ අයවැය ජාත්‍යාන්තර මුල්‍ය අරමුදලේ යෝජනා වලට අනුකුලව සකස් වී ඇතිදැයි තීරණය කිරීම සදහා ප්‍රකාශයට පත් කර ඇති අයවැය ලියකියවිලි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සමාලෝචනය කරමින් සිටින බවයි.
ඒ අනුව විධායක මණ්ඩලයේ අනුමැතිය හිමිවීමෙන් පසු එක්සත් ජනපද ඩොලර් මිලියන 347 ක පමණ මූල්‍ය පහසුකමක් සඳහා ශ්‍රී ලංකාවට ප්‍රවේශය හිමිවන අතර ඒ සමග ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට නිදහස් කර ඇති සම්පූරණ මුදල් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 2 ඉක්මවා යනු ඇති.
