
මාවනැල්ල මාරයා සිටි මාර ගස රැක්කෙ ප්රදේශවාසීන් පිරිසක්
මාවනැල්ල තලගොල්ල ප්රදේශයේදී ත්රිරෝද රථයක් මතට කඩා වැටුණු මාර ගස මීට වසර 20 ක පමණ කාලයක සිට ඉවත් කිරීමට ප්රාදේශීය ලේකම් කාර්යාලයේ නිළධාරීන් උත්සාහ කළත් එම ගස ඉවත් කිරීමට ප්රදේශවාසීන් ඉඩ ලබාදී නොමැති බව වාර්තා වනවා.
මාවනැල්ල ප්රාදේශීය ලේකම් ඕ.වී.එල්.එස්. රත්නසේකර මහත්මිය පැවසුවේ ගස ආශ්රිතව පවත්වාගෙන යන ත්රිරෝද රථ සංගමයේ පිරිසක් සහ ගම්වාසීන් ගස ඉවත් කිරීමට එරෙහිව උද්ඝෝෂන කිහිපයක්ද පවත්වා ඇති බවයි.
