
සරණට එරෙහි අල්ලස් නඩුව ජනවාරි 08 ට කල් යයි
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් දූෂණ චෝදනාවක් යටතේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහි ගොනු කර තිබෙන නඩුව අද (25) කොළඹ මහාධිකරණ හමුවේ විභාගයට ගනු ලැබුවා.
මෙම නඩුව කැඳවනු ලැබුවේ කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේයි.
එහිදී අල්ලස් කොමිසමේ නීතිඥවරයාගේ මෙහෙයවීම යටතේ සාක්ෂි සටහන් කර ගැනීම සිදුකළා.
ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය කල් තැබුවේ ජනවාරි මස 08 වැනිදාටයි.
ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම ආයතනයට කුලී පදනම යටතේ වාහන ලබාගැනීමේ දී රජයට පාඩු සිදු කළේ යයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ඉකුත් යහපාලන රජය සමයේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට විරුද්ධව මෙම නඩුව ගොනු කර තිබුණා.
