
යහපත් කාලගුණික තත්ත්වය මත උඩරට දුම්රිය ගමනාගමනයට සීමා පැනවේ..
පවතින අයහපත් කාලගුණික තත්ත්වය මත උඩරට මාර්ගයේ කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන රාත්රී තැපැල් දුම්රිය නානුඔය දක්වා සීමා කිරීමට තීරණය කර තිබෙනවා.
දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වන රාත්රී තැපැල් දුම්රිය නානුඔය සිට කොළඹ කොටුව බලා ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බවයි.
