
දෙහි බාලේ ගේ කෝටි 25 වත්කම් නීතී විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් තහනම් කරයි
නීතී විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ සහකාර අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී ජනක විතානගේ ඇතුලු නිලධාරීන් පාතාල අපරාධකරුවෙකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු වන පටබැදි මද්දුමාගේ ශෙහාන් තත්සර හෙවත් දෙහි බාලේ ගේ දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් කර්යාලය අසල ඇති කෝටි 5 ක් පමණ වටිනා නිවස සහ ඉඩමද ඔහුට අයත් කෝටි 20 කට වැඩි වටිනාකමකින් යුත් ධීවර ටෝලර් යාත්‍රා 5 ක් ( මෙලීනා 01 / මෙලීනා 02 / මෙලීනා 03 / මෙලීනා 04 / මෙලීනා 05 ) අද තහනම් කළා.
මෙලෙස ක්‍රියාවිරහිත කරන ලද්දේ දීර්ඝ විමර්ශනයකින් පසුව සොයාගෙන 2006 අංක 05 මූල්‍යය විශුද්ධිකරණය පනත අනුවයි.
මෙම දේපල දෙහි බාලේ මල්ලිගේ බිරිද , බිරිදගේ මව , බිරිදගේ සහෝදරියගේ ස්වාමි පුරුෂයා නමට මිලට ගෙන තිබූ බව පොලීසිය අනාවරණය කරගෙන තිබෙනවා.
තව දුරටත් නීතී විරෝධී වත්ක්ම් විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂකවරයාගේ , අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ විමර්ශනයන් සිදු කෙරෙනවා.
