
අධික වැසි සමග ලෝකාන්තය මාර්ගයේ ගසක් කඩා වැටී අවහිර වෙයි
පවතින අධික වැසි සහිත කාලගුණය නිසා විශාල ගසක් කඩා වැටි ලෝකාන්ත මාර්ගය අවහිර වී තිබෙනවා.
බොරලන්ද සිට ලෝකාන්තය දක්වා දිවෙන මාර්ගයේ ඔහිය උප තැපැල් කාර්යාලය ඉදිරිපිටදී විශාල ගසක් කඩා වැටීමෙන් අධිබලැති විදුලි රැහැන් පද්ධතියට කඩා වැටී තිබෙනවා.
මේ හේතුවෙන් ලෝකාන්තයට යන සියලුම මාර්ගය අවහිර වී ඇතැයි අප වාර්තාකරු පැවසුවා.
ඔහු සඳහන් කළේ මේ හේතුවෙන් උඩවේරිය වතුයායට ගමන් ගන්නා සියලු වාහන හා ලෝකාන්තය වෙත ගමන් ගන්නා වාහන සඳහා මාර්ගය අවහිර වී ඇති බවයි.
