
හෙරොයින් සහ මත්කරල් යාපනයට ප්‍රවාහනය කළ දෙන්නෙක් අල්ලයි
යාපනය නගරයේ සිදුකළ වැටලීමකදී සීනි සම්බල් අසුරා තිබූ බෝතල් වල සගවා ප්‍රවාහනය කරමින් තිබූ මක්කරල් 265 හා හෙරොයින් මිලිග්‍රෑම් 6160 සමග පුද්ගලයින් පස් දෙනෙකු යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ එහිදී අලෙවිය සඳහා අසුරන ලද සීනි සම්බල් බෝතල් වල සගවාගෙන කලක සිට සිදුකළ මත්පෙති හා මත්ද්‍රව්‍ය ජාවාරමකට අදාල මත් පෙති 265 සහ හෙරොයින් මිලිග්‍රෑම් 6160 මෙසේ භාරයට ගෙන ඇති බවයි.
මෙම මත්පෙති කොළඹ ප්‍රදේශයෙන් යාපනය ප්‍රදේශයට රැගෙන ගොස් අලෙවි කරන බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
සිද්ධියට සම්බන්ධ යාපනය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 19 සහ 26 වයසේ පසුවන දෙදෙනකු සැකපිට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
