ඉන්දුනීසියාවේ, භූකම්පනයක්… ශ්‍රී ලංකාවේ වෙරළබඩ ජනතාව විමසිලිමත් වන්න

ඉන්දුනීසියාවේ, භූකම්පනයක්… ශ්‍රී ලංකාවේ වෙරළබඩ ජනතාව විමසිලිමත් වන්න

ඉන්දුනීසියාවේ, රිච්ක්ටර් මාපාංක 6.6ක ප්‍රබලත්වයකින් යුත් භූකම්පනයක් සිදුවී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙරට වේලාවෙන් අද (27) උදෑසන 10.25 ට පමණ, කිලෝමීටර් 25ක් ගැඹුරින් උතුරු සුමාත්‍රා හි මෙම භූකම්පනය හටගෙන ඇති බවයි.

මේ වනවිට ඇතිවී තිබෙන කාලගුණ තත්වයත් සමඟ මෙරට ජනතාවද ඒ පිලිබඳ විමසිලිමත් වෙනවා.

ඒ අනුව ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ, ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල සහ ඒ ආසන්නයේ ජීවත් වන ජනතාවට මේ සම්බන්ධයෙන් විමසිලිමත්ව සිටින ලෙසයි.

Share This