
මරණ 334 ක් දක්වා ඉහළට – අතුරුදන් වූවන් 276 ක් – කලණි ගඟ තවම අවදානම්
දිවයිනේ දිස්ත්‍රික්ක 25 ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 334 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසනවා.
ඔහු පවසන්නේ නවතම දත්ත වලට අනුව පුද්ගලයින් 270 ක් අතුරුදන්ව ඇති බවයි.
සුබසාධන කඳවුරු මේ වන විට 1494 ක් ක්‍රියාත්මක වන අතර එම කඳවුරුවල පවුල් 55,747කට අයත් පුද්ගලයින් 1,96,000 ක් සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්තානය පැවසුවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ බදුල්ල සහ මහනුවර දිස්ත්‍රික්ක වලින් වැඩිම ජීවිත හානි සංඛ්‍යාවක් වාර්තා වන බවයි.
කැලණි ගඟ ආශ්‍රිතව හංවැල්ලේ සිට පහළ ප්‍රදේශ වෙත අධික ජල ප්‍රමාණයක් ලැබීම හේතුවෙන් තව දුරටත් අවදානයෙන් සිටින ලෙස දැනුම් දෙනවා.


