
හැටන් – කාසල්රි ජලාශය හරහා ලක්ෂපාන මාර්ගයේ පාලමක් ගිලාබැසීමෙන් ගමනා ගමනය තාවකාලිකව නවතී
හැටන් කාසල්රි ජලාශය හරහා ලක්ෂපාන මාර්ගයේ පාලමක් ගිලා බැසීම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු ඊයේ (30) සිට තාවකාලිකව නතර කර තිබෙනවා.
අප වාර්තාකරු පවසන්නේ එම මාර්ගයේ සමරවල්ලි ප්‍රදේශයෙන් මෙම පාලම ගිලා බැසීම සිදු වී ඇති බවයි.
ඒ අනුව කාසල්රි, නෝර්ටන්බ්‍රිජ්, ඔස්බොන් ඇතුලු ප්‍රදේශ රැසකට පිවිසීමට තිබූ එකම මාර්ගය අවහිර වීම නිසා ප්‍රදේශවාසීන් දැඩි අසීරුතාවයකට පත්ව සිටිනවා.
