ඩ්‍රෝන යැවීම ආපදා මෙහෙයුම්වලට බාධාවක් – ගුවන් හමුදාවෙන් ජනතාවට ඉල්ලීමක්

ඩ්‍රෝන යැවීම ආපදා මෙහෙයුම්වලට බාධාවක් – ගුවන් හමුදාවෙන් ජනතාවට ඉල්ලීමක්

ආපදා සහන කටයුතු වලදී ඩ්‍රෝන යානා ආරක්ෂිතව ක්‍රියාත්මක කිරීම පිළිබඳව දැනුවත් කිරීම.

දැනට පවතින ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ප්‍රදේශවල ඩ්‍රෝන යානා ක්‍රියාත්මක කිරීමේදී මහජනතාවගේ සහයෝගය ශ්‍රී ලංකා ගුවන් හමුදා විසින් බලාපොරොත්තු වනවා.

ගුවන් හමුදා දැනුම් දෙන්නේ මානුෂීය ආධාර සහ ආපදා සහන මෙහෙයුම් අතරතුර ඩ්‍රෝන මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් කරනු ලබන ගුවන් මෙහෙයුම් සඳහා අවදානම් තත්ත්වයක් ඇති කරන බවයි.

ගුවන් අවකාශයේ අනවසර ඩ්‍රෝන යානා පැවතීම ගුවන් ගමන් මාර්ගවලට සහ මුදා ගැනීමේ සහ සහන මෙහෙයුම්වලට බාධා විය හැකි අතර ගුවන් යානා අනතුරු සිදුවිමට ඇති හැකියාව ඉහළ බව ගුවන් හමුදාව දැනු දෙනවා.

එවැනි සිදුවීම් යානයේ සිටින ගුවන් කාර්යණ්ඩල සාමාජිකයින්ගේ ජීවිත,ගුවන් යානා සහ භූමියේ සිටින පුද්ගලයින්ට බරපතල තර්ජනයක් එල්ල කරන බව ගුවන් හමුදාව තවදුරටත් පෙන්වා දෙනවා.

මේ වන විට ගුවන් හමුදාව විසින් ක්‍රියාත්මක කරන මානුෂීය ආධාර සහ ආපදා සහන ‍මෙහෙයුම්වල ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව සහතික කිරීම සඳහා, ගුවන් හමුදාව මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියිනේ ගුවන් යානා සහන මෙහෙයුම්වල නිරත වන ප්‍රදේශවල, ඩ්‍රෝන යානා ක්‍රියාත්මක කිරීමෙන් වළකින ලෙසයි.

තවද සියළුම ඩ්‍රෝන යානා ක්‍රියාත්මක කිරීමට පෙර එම යානා ගුවන්ගත කිරීමේ සහ ගොඩබෑමේ වේලාවන් පිළිබඳව පහත අංක අමතා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

සාමාන්‍ය දුරකථන: 0112343970 / 0112343971

ක්ෂණික දුරකථන: 115

Share This