ජලයෙන් යට වූ නුවරඑළිය පිරිසිදු කිරීම් ඇරඹේ – මර්ග පිළිසකර කිරීම් ආරම්භ කරයි

ජලයෙන් යට වූ නුවරඑළිය පිරිසිදු කිරීම් ඇරඹේ – මර්ග පිළිසකර කිරීම් ආරම්භ කරයි

ජලයෙන් යට වූ නුවරඑළිය නගරය පිරිසිදු කිරිමට නගර සභා සේව්කයින්ට අමතරව විදේශිකයන් පිරිසක් ද එක්ව සිටිනු දැක ගත හැකි වුණා.

ඔවුන් පවසන්නේ ආපදා තත්ත්වයක් තුල පවා මෙරට ජනතාවගෙන් හිමි වූ ආගන්තුක සත්කාර පිළිඹදව අතිශය සතුටු වන බවයි.

පසුගිය දින කිහිපය තුල නුවරඑළිය ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමග නුවරඑළිය නගරයට ජලයෙන් යට වුණා.

නුවරඑළිය නගරය ජලයෙන් යට වීම හේතුවෙන් නුවරඑළිය නගරයේ, වෙළදසැල්, සියලුම මංමාවත් මඩ සහ කැලි කසල වලින් අපිරිසිදු වී පැවතුණා.

ඊයේ දින (30) නුවරඑළිය නගරය පිරිසිදු කිරිමේ කටයුතු නුවරඑලිය මහ නගර සභාවේ සේවකයින් සහ ව්‍යාපාරිකයන් එක්ව සිදු කල අතර, එම අවස්ථාවට නුවරඑළියේ සංචාරයක් සදහා පැමිණ යාමට නොහැකිව සංචාරක හෝටල්වලම රැදී සිටින විදේශිකයන් පිරිසක්ද එක් වී සිටීම විශේෂයි.

මේ අතර, හැටන් – නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ නානුඔය එඩිම්බරෝ වත්ත ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයේ කොටසක් ගිලා බැසීම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු මේ වන විට තාවකාලිකව නතර කර තිබෙනවා.

මාර්ගය ගිලා බැස ඇති ස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු මාර්ග සංවර්ධන අධිකාරිය මගින් මේ වන විට ආරම්භ කර තිබෙනවා.

 

Share This