අධික වර්ෂාවෙන් දිවයිනේ මාර්ග 70 ක ගමනා ගමනයට බාධා

අධික වර්ෂාවෙන් දිවයිනේ මාර්ග 70 ක ගමනා ගමනයට බාධා

අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් මෙරට මාර්ග පද්ධතියට දැඩි හානි සිදුව තිබෙනවා. ඇතැම් ස්ථානවල පාළම් කඩා වැටී ඇති අතර බොහෝ මාර්ග ගිලා බැසීමට ලක්ව තිබෙනවා.

මාර්ග සංවර්ධන අධිකාරිය මේ හේතුවෙන් අද (01) වන විට ගමනා ගමනය කළ නොහැකි මාර්ග ලේඛනයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව දිස්ත්‍රික්ක 25 ට අදාලව මාර්ග 70 ක් පමණ ගමන් කළ නොහැකි තත්ත්වයේ පවතිනවා.

ඊට අනුව නැගෙනහිර පළාතේ මාර්ග 8 ක් ද,මධ්‍යම පළාතේ මාර්ග 13 ක් ගමනා ගමනයට නුසුදුසු බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

ඌව පළාතේ අබලන්ව ඇති මාර්ග ගණන 7 ක්.

උතුරු මැද පළාතේ මාර්ග 5ක් අබලන් තත්ත්වයේ පවතිනවා.

සබරගමුව පළාතේ මර්ග 7 ක් පවතින්නේ විවිධ හේතු මත අවහිරවයි.

වයඹ පළාතේ ද මාර්ග 7 ක් තවදුරටත් ගමනා ගමනයට නුසුදුසු බව මාර්ග සංවර්ධන අධිකාරිය පෙන්වා දෙනවා.

උතුරු පළාත තුල හානි පැමිණ ඇති මාර්ග ගණන 08 ක්.

මෙම මාර්ග සහිත ලේඛනය පහතින් දැක්වෙනවා.

 

Share This