
තම්බි මරික්කාර් මැතිසබයට
සමගි ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්රී මුහම්මදු ඉස්මායිල් මුත්තු මුහම්මදු මහතා ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු වූ 10 වැනි පාර්ලිමේන්තුවේ ම්න්ත්රී ධූරය සඳහා එම පක්ෂය නෙයිනා තම්බි මරික්කාර් මොහොමඩ් තාහිර් මහතා නම් කර තිබෙනවා.
ඒ වෙනුවෙන් නිකුත්කර ඇති ගැසට් පත්රයේ දැක්වෙන්නේ 1988 අංක 35 දරන ඡන්ද විමසීම් (විධි විධාන පනතේ) 6 වන වගන්තියෙන් සංශෝධිත 1981 අංක 01 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(05) වගන්තිය යටතේ පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාව වෙත දැන්වීමෙන් පසුව එකී පුරප්පාඩුව වෙනුවෙන් පක්ෂ මහ ලේකම්වරයා මෙම පත්වීම සිදුකර ඇති බවයි.


