ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය ආපදාවන්ගෙන් විපතට පත් වූවන්ට සහන සලසමින් සේවා රැසක් ක්‍රියාවට නංවයි

ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය ආපදාවන්ගෙන් විපතට පත් වූවන්ට සහන සලසමින් සේවා රැසක් ක්‍රියාවට නංවයි

ආපදාවට පත් ජනතාව මුදාගැනීමේ මෙහෙයුම් මෙන්ම ඔවුන් වෙත පිසූ ආහාර සැපයීම,ප්‍රථිකාර ලබාදීම , නායගිය ස්ථානවල සෙවීමේ මෙහෙයුම් ඇතුලු කාර් යයන් රැසක් මේ වනවිට යුද , ගුවන් සහ නාවික හමුදා ක්‍රියාත්මක කරමින් පවතිනවා.

ජාතික ආපදා තත්ත්වය මත, පිසූ ආහාර අවශ්‍යතාවයන් සපිරාලිම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ජංගම මුළුතැන් රථ දෙකක් මීතොටමුල්ල වී ගබඩා සංකීර්ණයේ ස්ථානගත කර කිරීමට කටයුතු කර ඇත්තේ කඩිනම් අවශ්‍යතා සලකා ගෙනයි.

දිවයිනට බලපා ඇති හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් මෙහෙයුම් වලට අමතරව ගොඩබිමින් ක්‍රියාත්මක වන මුදා ගැනීමේ මෙහෙයුම් මගින් රෝගාතුරව සිටින පිරිස් ප්‍රතිකාර සදහා යොමු කිරීමේ කාර්යයන් ද මේ වනවිට සිදු කරමින්පවතිනවා.

ආපදාවට පත් ජනතාවට අවශ්‍ය ආහාර, අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සැපයීම හා ජන ජීවිත නැවත යථාතත්වයට පත් කිරීම මේ වන විටත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මුළු දිවයින පුරාම සිදු කරමින් පවතින්නේ දැඩි කැපකිරීම් කරමින්.

එම මෙහෙයුම් සදහා ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බලකායේ භටයින් ඇතුළු සේවා පුද්ගලයින් දෙදහසකට අධික පිරිසක් සහභාගි වි සිටිනවා.

තවද ඉන්දීයාවේ සිට මෙරටට පැමිණි ජාතික ආපදා ප්‍රතිචාර දැක්වීමේ බලකාය (NDRF) ඔවුන්ගේ සහන සේවා මෙහෙයුම් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමග එක්ව කටයුතු කරමින් සිටින්නේ කොච්චිකඩේ සහ බදුල්ල ප්‍රදේශ වලයි.

ජා-ඇල ප්‍රදේශයේ පැවති ගංවතුර තත්ත්වය හේතුවෙන් පීඩාවටපත් ජනතාව සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා වෛද්‍ය කණ්ඩායම සහ ඉන්දීයානු ගුවන් හමුදා වෛද්‍ය කණ්ඩායමක් විසින් විශේෂ වෛද්‍ය කඳවුරක් මේ වන විටත් පවත්වාගෙන යනු ලබනවා.

එමඟින් පීඩාවටපත් ජනතාවට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට අවස්ථාව සැලසේ.

මේ අතර දකුණු දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ අධීක්ෂණය යටතේ මාතර කොට්ඨාසයේ නිලධාරීන් හා ප්‍රදේශවාසීන්ගෙන් ලද වියළි ආහාර, ඇඳුම් සහ පානීය ජල බෝතල් පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගල්නෑව ප්‍රදේශයේ අවතැන් වූ හා ආපදාවට ලක්වූ ජනතාවට බෙදා දීම ඊයේ(02) සිදුකළා.

උතුරුමැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තිලක් සී. ධනපාල මහතා සහ අනුරාධපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අයි.බී.ටී. සුගතපාල මහතා ගේ ප්‍රධානත්වයෙන් පොලිස් නිලධාරීන්ගේ සහභාගීත්වය මත මෙම බෙදා හැරීමේ කටයුතු සිදු කළා.

 

Share This