බදුල්ල ආපදා තත්ත්වය කඩිනමින් පිළිසකර කරන්න ඇමති සමන්ත ගෙන් පිළියම්

බදුල්ල ආපදා තත්ත්වය කඩිනමින් පිළිසකර කරන්න ඇමති සමන්ත ගෙන් පිළියම්

බදුල්ල දිස්ත්‍රික්කයට බලපෑ දරුණු ආපදා තත්ත්වය හේතුවෙන් හානියට පත්වූ බදුල්ල – පස්සර ප්‍රධාන මාර්ගයේ නායගිය ස්ථාන පිළිබඳව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පසුගිය දා විශේෂ නිරීක්ෂණ චාරිකාවක් සිදු කළා.

​මාර්ගයේ ප්‍රධාන වශයෙන් අවහිරතා ඇති වූ 8 කනුව සහ 5 කනුව ආසන්න ප්‍රදේශවල හානි වූ ස්ථාන සහ නායයාම් තත්ත්වය පිළිබඳව සොයා බැලූ අතර, විපතට පත් ප්‍රජාවගේ අවශ්‍යතා පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කර තිබෙනවා.

​මාර්ගය යළි ගමනා ගමනයට විවෘත කිරීමේ මෙහෙයුම්වල නිරතව සිටින යුද හමුදා කණ්ඩායම් මෙම අවස්ථාවේදී හමුවූ අතර, මාර්ග බාධක ඉවත් කිරීමේ ප්‍රගතිය සහ ඉදිරියේදී අවශ්‍ය වන සහයෝගය සම්බන්ධයෙන් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යවරයා ඔවුන් සමග සාකච්ඡා කර තිබෙනවා.

 

 

 

 

Share This