කළුතර ගංජා සහ කුෂ් ,ඇෂ් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ පුද්ගලයෙක් අත්අඩංගුවට

කළුතර ගංජා සහ කුෂ් ,ඇෂ් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ පුද්ගලයෙක් අත්අඩංගුවට

පී.වී.සී. බටයක ඉතා සූක්ෂම ලෙස සඟවා කළුතර උතුර ප්‍රදේශයේ ගංජා සහ කුෂ් මත්ද්‍රව්‍ය ඇෂ් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ පුද්ගලයකු කළුතර කොට්ඨාස විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස්නාහිර පළාත් බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ සවස (02) කළුතර උතුර ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී එම නිවසේ පී.වී.සී. බටයක ඉතා සූක්ෂම ලෙස සඟවා ගංජා ඈෂ් මත්ද්‍රව්‍ය සහ කුෂ් මත්ද්‍රව්‍ය ඉතා සූක්ෂම ලෙස ජාවාරමේ නිරත වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් නිලධාරීන් සමත් වුණා.

මෙම සැකකරු දීර්ඝ කාලයක් තිස්සේ මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවත් එම සැකකරු සන්තකයේ තිබූ මෙම ජාවාරමෙන් උපයා ගත් බවට සැක කෙරෙන මුදල් ලක්ෂ හතරකට ආසන්න ප්‍රමාණයක්ද පොලිස් භාරයට ගත්තා.

පොලීසිය පැවසුවේ මොහු සන්තකේ තිබී ගංජා කිලෝ ග්‍රෑම් 1.400 ක් කුෂ් මත් ද්‍රව්‍ය ග්‍රෑම් හතක්, ඈෂ් මත්ද්‍රව්‍ය පොලිස් භාරයට ගත් බවයි.

සැකකරු අද දින කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Share This