
මුදා ගැනීමේ මෙහෙයුම්වලට සහය වෙන්න ඉන්දියාවෙන් වෛද්‍ය උපකරණ සමග 73 ක වෛද්‍ය විශේෂඥ කණ්ඩායමක්
මුදාගැනීමේ සහ සහන කටයුතු සඳහා සහය වීමට ඉන්දියානු හදිසි වෛද්‍යාධාර ශ්‍රී ලංකාවට ලබා දී තිබෙනවා.
හදිසි වෛද්‍යාධර රැගත් ඉන්දියාවේ C-17A ගුවන් යානයක් ඊයේ පස්වරුවේ මෙරටට පැමිණියා.
මෙම වෛද්‍යාධාර තොගයට අත්‍යවශ්‍ය ඖෂධ,වෛද්‍ය උපකරණ සහ අඛණ්ඩ ගලවා ගැනීමේ සහ සහන මෙහෙයුම් සඳහා සහය වීමට යෙදවිය හැකි ක්ෂේත්‍රමය පහසුකම් ද ඇතුලත්.
ඉන්දියානු මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා විසින් මෙම වෛද්‍යාධාර තොගය නිල වශයෙන් බාර දුන් අතර එය භාර ගනු ලැබුවේ යුද හමුදා අධ්‍යක්ෂ ජනරාල් , මේජර් ජෙනරාල් ටිරාල් ද සිල්වා මහතායි.
හදිසි අවස්ථාවන් හිදී කඩිනමින් භාවිත කිරීම සඳහා නිර්මාණය කර ඇති අංගසම්පූර්ණ ක්ෂේත්‍ර රෝහල් ඒකක දෙකක් ද මෙම භාණ්ඩ තොගයට ඇතුලත්.
මෙම ඒකක වලින් එකක් වැලිමඩ ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට නියමිතයි.
මීට අමතරව ආපදාවට පත් ජනතාව සඳහා වෛද්‍ය සහය ලබා දීමට ඉන්දියාවෙන් වෛද්‍යවරුන්, සර්වාංග සහ කායික රෝග විශේෂඥයින්, නිර්වින්දන වෛද්‍යවරුන් සහ අනෙකුත් සෞඛ්‍ය විශේෂඥයින් ඇතුලු වෛද්‍ය වෘත්තිකයන් 73 කු මෙරටට පිටත් කර එවා තිබෙනවා.







