
“මයිඩ් ෂිප්” නෞකාව සංචාරකයින් 2700 ක් රැගෙන කොළඹ වරායට
සුපුරුදු පරිදි සංචාරකයන් ලංකාවට පැමිණෙන බවත් , අවශ්‍ය යටිතල පහසුකම් කඩිනමින් ලබා දී සංචාරක කර්මාන්තය ඉදිරියට ගෙන යන බවත් අමාත්‍ය විජිත හේරත් මහතා මේ වසරේ කොළඹට පැමිණි විශාලතම අති සුඛෝපභෝගී මගී නෞකාව වන “මයින් ෂීෆ් නෞකාව” නිරීක්ෂණය කරමින් පැවසුවා.
ශ්‍රී ලංකාවට බලපෑ දිට්වා සුළි කුණාටුවත් සමග ඇති වූ ස්වභාවික ව්‍යසනයෙන් අනතුරුව සංචාරක කර්මාන්තය යලි ශක්තිමත්ව ආරම්භ කරමින් මයින්ඩ් ෂිප් නෞකාව පිළිගත්තේ අමාත්‍ය විජිත හේරත් මහතායි.
TUI කෲස් සමාගම මෙහෙයවන 900 ක කාර්ය මණ්ඩලයක් සහිත මයිඩ් ෂිප් නෞකාව සංචාරකයින් 2700 ක් රැගෙන කොළඹ වරාය වෙත පැමිණියා.
ජර්මානු සංචාරකයන් විශාල පිරිසක් රැගත් මෙම නෞකාව පිළිගත් අමාත්‍ය විජිත හේරත් ඔවුන් සමග සුහද කතා බහක ද නිරත වුණා.
පැමිණි සංචාරකයින් ගෙන් 1600 කට අධික පිරිසක් එක් දින සහ අර්ධ දින සංචාර සඳහා පිටත්ව ගොස් තිබෙනවා.
මෙම සංචාරක ක්‍රියාවලියට පහසුකම් සැලසීම සඳහා බස් රථ 72 ක් පමණ සහ කුඩා වෑන් රථ 30 ක් සුදානම් කළ බව සංචාරක අමාත්‍යාංශය සඳහන් කළා.



