රුපියල් මිලියන 700කට ආසන්න පරිත්‍යාග මුදලක් Rebuilding Sri Lanka වෙත

රුපියල් මිලියන 700කට ආසන්න පරිත්‍යාග මුදලක් Rebuilding Sri Lanka වෙත

සුළි කුණාටුව සහ ගංවතුර තත්ත්වයෙන් මෙරට ආර්ථිකයට වූ හානිය අවම කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සූදානමින් පසුවන බව IMF හි සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජූලි කොසැක් පවසනවා.

‘දිට්වා‘ සුළි කුණාටුවේ බලපෑමෙන් පසුව ශ්‍රී ලංකාවේ ප්‍රකෘතිමත් වීමේ ක්‍රියාවලියට තවදුරටත් සහාය වීම සඳහා පවතින විකල්ප සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සොයා බැලීම් සිදුකරමින් සිටින බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මේ අතර ,මෙරට යළි ගොඩනැගීමේ අරමුදල වන Rebuilding Sri Lanka අරමුදලට මේ දක්වා රුපියල් මිලියන 700කට ආසන්න පරිත්‍යාග මුදලක් ලැබී ඇති බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පවසනවා.

Share This